[වර්ග, ආගම්, කුළ, ජාති, …] වාදීන්ට

වරලස
දිගුය, බොකුටුය

දෙනයන
නිල්ය, දුඹුරුය

වත
පළල්ය, පටුය

දේහය
උස්ය, මිටිය

ගලන රුධිරය
රතුය, … …

ගයාන් තිලකරත්න | 2020 | https://gayankt.wordpress.com

සිත

නොහැක මොහොතක්
රඳව ගන්නට
අවැසි විටකදී
මුව සිඹින්නට
සිහින් සුළගෙත්
ඈත පාවෙන
සිතෙන දෙසකට
සැනින් පාවෙන
අසුරු සැනකින්
ඇතිව නැතිවන
දසත විහිදෙන
ඩැන්ඩලියන් මල

ගයාන් තිලකරත්න | 2020 | https://gayankt.wordpress.com

නුඹ

අමාවක උදාවිය
නුඹ දැකුම අහිමිවිය
යලි දකින සිහිනයෙන්
සියොලඟම සසලවිය

පෑළවිය පුරවියේ
දුටිමි නුඹ කඩින්කඩ
ඉනගිමරන සරා රුව
නුරා ගිණි ඇවිළවිය

පුරා පුන් පෝදිනේ
දුටිමි නුඹ මුළුමනින්
කොයිතරම් සෞම්‍යද
ශාන්තද සැබෑ නුඹ

ගයාන් තිලකරත්න | 2020 | https://gayankt.wordpress.com

ඔබ සහ මම

ගගන දිදුලන
පුරා සඳ ඔබ
අවට නොපෙනෙන
නිසල රැය මම

කතර තෙත් කල
අසනි වැසි ඔබ
දසත අවුලන
සුළං රොද මම

ලවන් පිනවන
ගී මිහිර ඔබ
දෙතොල වියළන
කටෝරය මම

ජීවිත දෙන
පිපි කුසුම ඔබ
බලා හිනැහෙන
බඹරිදුය මම

ගයාන් තිලකරත්න | 2020 | https://gayankt.wordpress.com