ලෝක ආර්ථික අවපාතය හමුවේ අප යන්නේ හරි අතද? December 27, 2008
Posted by gayankt in Uncategorized.Tags: දේශපාලනය, ලෝක ආර්ථික අවපාතය
1 comment so far
එකම දංවැලක පුරුක් මෙන් බැදී ඇති ලෝක ආර්ථිකය මේ වන විට ඇදී යන්නේ ප්‍රපාතයටය. දිනෙන් දින ප්‍රපාතයට යනවාක් මිස මේවන තෙක්ම ගොඩ යෑමේ සේයාවකුදු නොමැතිය. රටක් වශයෙන් අපටද මෙම තත්වයෙන් මිදීමේ හැකියාවක් නොමැතිය. විශේෂයෙන්ම යුද්ධයට අතිවිශාල මුදලක් වෙන් කරන අතරේදී අතිවිශාල සංර්ධන කිහිපයකටද එක වර මුදල් ආයෝජනය කිරීම එතරම් කාලෝචිත තත්වයක් නොවේ. නමුත් මනාප පොරයේදී ඉහළට එසවෙන අත් ගණන පිළිබඳව පමණක් සිතන අපේ රට කරවන උදවිය ලෝක ආර්ථික අවපාතය හමුවේ ස්ථාවර ආර්ථිකයක් පිළිබඳව සිතනවාද යන්නත් හාස්‍යට කරුණකි.
ගයාන් තිලකරත්න.
27-12-2008
තත්යානා අනියේගීන්ට යැවු පෙම්පත December 27, 2008
Posted by gayankt in Uncategorized.Tags: මතකයේ රුදුන තැන්
add a comment
දෙවියන් විසින් මට දුන් පෙම්වතා …………….. තනී
සමා වුව මාහට දයා ………………………….. වෙනී
ඇයි මේ තරම් මගෙ හදවත නුරා ……………… ගිනී
නොපැතුව නිසයි අන් කිසිවකු සුවා …………… මිනී
පෙම් කළ නමුත් ඔබහට මුලු හිත …………… ඇතිව
මා ගැහැණියකි, අද වෙනකකු හට ………….. සතුව
මා දන්නවා බ’ට පාලුයි මා ………………….. නැතුව
පතිවත රකිමි හිමිහට පේමෙන් ………………. යුතුව
පස් අවුරුද්ද නවකතාව – ඔරුවල බන්දු
147, 148 පිටු
ගයාන් තිලකරත්න.
27-12-2008
ඔහොම යමු December 27, 2008
Posted by gayankt in Uncategorized.2 comments
එක දිගටම පොස්ට් 5 දැම්මට පස්සෙ ලියන්න දෙයක් නෑ වගේ. ඔහොම යමු ! ඔහොම යමු !
ගයාන් තිලකරත්න.
27-12-2008
ඇලඩින් ලෙඩින් December 27, 2008
Posted by gayankt in Uncategorized.1 comment so far
ඇලඩින් ලෙඩින්
පවුල බඩින්
මේ ඇලඩින්
කලකට ඉහතදී අසා ඇති බවට මතකයේ තිබෙන නමුත් පොතකින් උපුටා ගන්න ලද්දක්ද, ජනවහරේ පවතින්නක්ද පිළිබඳව මා හට නිසි අදහසක් නොමැතිය. මෙම වදන් පෙළ ඔබත් අසා ඇත්ද?
ගයාන් තිලකරත්න.
27-12-2008
මනු ලොව කෙතරම් සුන්දරද? December 27, 2008
Posted by gayankt in Uncategorized.Tags: යුද්ධය, සාමය
1 comment so far
ඉසින්නට හැකිනම්
දිය පොදක්
යුධ ගිණි ඇවිළෙන
පොළෝ තලයට
දෙන්නට හැකිනම්
මෙත් සිතක්
උනුන් නොතකන
මිනිස් දනහට
අනේ මේ මනුලොව
සාමය සතුට
පිරී උතුරන
සොදුරුතම තැන නොවෙද?
ගයාන් තිලකරත්න.
27-12-2008
ආවඩා ආයුබෝ වේවා December 27, 2008
Posted by gayankt in Uncategorized.Tags: ආයුබෝවේවා, මිනි බ්ලොග් මැරතන්
add a comment
ලාංකික අපි ඕනැම සුභ දෙයක් පටන් ගත්තේ නමෝ විත්තියෙන් ආවඩා ආයුබෝ වේවා කියලනෙ. සිංහල බ්ලොග් කරුවන් වන අපට “බ්ලොග් මිනි මැරතනය” කියන්න සුභ කටයුත්තක්. ප්‍රතිලාභයක් ඇතිවා හෝ නැතිවා සාම්ප්‍රදායික විදිහටම (බුදුන් දෙයියො) දෙයියො බුදුන් සිහිකරලම වැඩේ පටන් ගත්තා. පැය 6 පැයකට සටහන් 4, ගියවර වගේ පුරා දිනක්ම එක දිගට නෙදිව්වත් තරමක අසීරු ඉලක්කයක්. ඒ අතරෙ මුහුද මැදින් ඇද තිබූ දත්ත සම්ප්‍රේෂන රැහැන් කිහිපයකට හානි වීම නිසා මගේ ජාල සම්බන්ධතාවය වරින් වර බිඳ වැටීම සිදු වෙනවා. පැමිණි දුක් පැණි රසයි කියල බාධක මැඩගෙන ඉදිරියට යෑමේ දැඩි අදිටනින් තමයි ඉන්නේ. මැරතන් දුවන, නරඔන සැමට දුවන්නත් වතුර ගහන්නත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව. අනිත් හැම මැරතන් එකකටම වඩා අපේ මිනි මැරතන් එකේ සුවිශේෂත්වයක් තියෙනවා. අනත් මැරතන් එකකදී දිනන්නෙ එක්කෙනයි. නමුත් අපේ මිනි මැරතතය අවසානයේ දිවපු නොදුවපු අපි හැම දෙනාම සංසදයේ සාමාජිකයන් ලෙසට දිනුම්. මැරතන් එක දුවනව කියන්නෙත් සිරීපාදෙ නගිනව වගේ වැඩක්නෙ. අපි ඉතිත් තුන් සරණෙන්ම වැඩේ පටන් ගමු.
බුද්ධං සරණේ සිරස …………………….. දරාගෙන
ධම්මං සරණේ සිත ……………………. පහදාගෙන
සංඝං සරණේ සිවුරු……………………….දරාගෙන
ඉන්නයි තුන් සරණේ…………………… අදහාගෙන
ගයාන් තිලකරත්න.
27-12-2008
ඉන්දියානු තෙල් සමාගමේ කරුණාව December 21, 2008
Posted by gayankt in Uncategorized.Tags: අධිකරණය, ඉන්දියානු තෙල් සමාගම, තෙල් මිළ, පොදු ජනතාව, විධායකය
7 comments
රජය බදුපනවමින්, අධිකරණ නියෝග නොසලකා හරිමින් හා අත්තනෝමතිකව හැසිරෙමින් තෙල් මිළ වෙනස් නොකිරීමට සැරසෙන මෙහොතකදී ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් මිල රු 100.00 දක්වා අඩු කිරීමට ගෙන ඇති තිරණය මා හට විමතිය දනවන්නක් විය. “ආණ්ඩුවට වඩා ඉන්දියානු තෙල් සමාගමට ජනතාවගේ දුක දැනිලාවත්ද?” ඉන්ධන මිල හමුවේ පීඩා විඳින පංතියේ එකකු ලෙස සතුටක්ද ඉන්දියානු තෙල් සමාගම වෙනුවෙන් ප්‍රසාදයක්ද සිතට නැගුනි. නමුත් ඒ සුලු මෙහොතකට පමණි. ලෝක ආර්ථික අර්බුධයන් හමුවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 22.00 පාඩුවක් දැරීමට විදේශීය තෙල් සමාගමකට ඇති උවමනාව කුමක්ද? වෙළද සමාගමක් ලෙස කල යුතුව තිබුනේ දිනකින් හෝ මිළ අඩුකිරීම කල් දමා උපරිම ලාභයක් උපයා ගැනීම නොවේද? අවශ්‍ය වුයේ නම් රජය මිල පහත දමන තෙක් කල් මැරීමට ඉඩ තිබුනි. සිතට නැගෙන එකම හේතුව නම් වර්තමාන ලංකවේ යුධමය වාතාවරණයට ප්‍රතිරෝධීව තමිල්නාඩුව හේතුකොටගෙන නැගෙන ඉන්දීය ප්‍රතිරෝධයයි. අධිකරණය හා විධායකයේ ගැටුම් හමුවේ දේශපාලන අස්ථාවරත්වයට පත්වීමේ ආසන්නතම උදාහරණය සපයන්නේ පකිස්ථානයයි. ඉන්දියාවේ අරමුණ දැනට පවතින අධිකරණය හා විධායකයේ ගැටුම ජනතාව වෙත කාන්දුකරවා රට අරාජික තත්වයකට පත් කරවා ත්‍රස්ථවාදීන්ට එරෙහි යුධ ගැටුම් නවතා දමන්නටද? මෙතරම් කලක් පටියෙන් බඩ තද කර රට ගැන සිතූ ජනතාව සැරසෙන්නේ බඩ ගැන සිතා තීරණයක් ගැනීමටද? මේ කිසිත් නොදන්නා ඉන්දියානු තෙල් සමාගම ආණ්‍ඩුවටත් රටටත් ආදර්ශයක් වීමට අධිකරණ තීරණයට හිස නැමුවාත් විය නොහැකිද?
ගයාන් තිලකරත්ත.
12-21-2008
ජාතික හෙළ උරුමයේ කෙරුවාව December 18, 2008
Posted by gayankt in Uncategorized.Tags: ඉන්ධන, ජාතික හෙළ උරුමය, දේශපාලනය
5 comments
ධර්ම රාජ්‍යක සිරි පෙන්නා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු සුරසැප විඳින හෙළ උරුමය මේ වන විට මෙතෙක් ලංකාවේ පැවති සියලුම දේශපාලන පක්ෂ අභිබවමින් බඩ ගෝස්තර වාදී දේශපාලනයේ යෙදීම පිළිකුලට කාරණයකි. යුද්ධයට හා ත්‍රස්තවාදයට තම සහයෝගය පල කරමින් ආණ්ඩුව හා අත්වැල් බැඳගත් මෙම පිරිස මේ වන විට රඟන්නේ ආණ්ඩුවට සුදු හුණු උලන තීන්ත බාස් ගේ චරිතයයි. ආණ්ඩුව ගෙන යන යුධමය වැඩපිළිවෙලට බොහෝ පාර්ශවයන් කොන්දේසි විරහිතව සහයෝගය පල කලද එම ආණ්ඩුවේම ආර්ථික කළමනාකරනය පිළිබදව බොහෝ දෙනාට ඇත්තේ ප්‍රතිරෝධයකි. වංවා හා දුෂණ හමුවේ ජාතික හෙළ උරුමය කරන්නේ බුදු දහමේ හෝ අතීත ලංකාවේ උදාහරණ ගෙන හැර දක්වමින් ජනතාව මුලා කරමින් ඒවාට රැකුල් දීමය.
ජාතික හෙළ උරුමයේ එක් ස්වාමින් වහන්සේ නමකට අනුව ලංකාවේ පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් භාවිතා කරන්නේ විශාල ධන සම්පත්තියක් හිමි පිරිසකි. මෙයින් උන්වහන්සේ අනුමත කරන්නේ ඉන්ධන මිල වැඩිවීම සාධාරන එකකැයි යන්නයි. මේ තර්කයේ බොළද බව වටහා ගන්නට මහා ලොකු උගත් කමක් අනවශ්‍යයය. පාරකට තොටකට බැලුවහොත් බස් රථවල හා දුම්රියවල තෙරෙපෙමින් ගන්නා මගී ජනතාව, ගමන්නා ත්‍රීරෝද රථ සංඛ්‍යාව අනුව මේ රටේ පෙට්‍රල්, ඩීසල් වලින් ප්‍රයෝජනය ගන්නේ කුමන පන්නියේ ජනතාවද යන්න අවධාරනය කර ගන හැකිය. භූමිතෙල් භාවිතා කරන්නේද මෙම පංතියම නියෝජනය කරන පිරිසකි. නමුත් මෙම හිමි නමට අනුව ලංකාවේ පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් භාවිතා කරන්නේ මේ රටේ ධනපතියන්ය. අනෙකුත් හුදී ජනතාව තමන් හොදින්ම දන්නා ඉතිහාසයේ පරිදි තවමත් ඇතාපිට හෝ අසුපිට ගමන් ගනී යැයි උන්වහන්සේ සිතනවා විය හැකිය.
පාර්ලිමේන්තු තනතුරකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ කිසියම් සේවයක් හෝ සහනයකි. නමුත් ඔවුන් ඉදිරිපත් කරන මෙවැනි බොළඳ වදන් නිසා හැගී යන්නේ රටේ යථා තත්වය පිළිබඳ දැනීමය. අතීතයේදීද රට එක් සේසත් කිරීමට මහා සංඝරත්නය උර දුන් බව සැබෑවකි. නමුන් ඒ නිසි අවස්ථාවේදී අවැසි උපදෙස් ලබා දීමෙන් මිස සෑම දෙයකට හිස නමමින් හා සාධාරණීක කිරීමෙන් නොවේ. ජාතික හෙළ උරුමයේ අභිප්‍රාය චීවරදාරීව බඩගෝස්තරවාදයට කඩේ යෑම නම් තම විහාරස්ථානයන්ට වී ධර්මයේ හැසිරීම වඩාත් අගනේ යන්න මගේ හැගීමයි.
ගයාන් තිලකරත්ත.
12-18-2008
මානසික රෝගීන්ට අවධානය යොමු කරමු December 12, 2008
Posted by gayankt in Uncategorized.Tags: මානසික රෝගීන්, සමාජ ආකල්ප
2 comments
පිස්සු මිනිසෙකි
නුගුණ කරුවෙකි
ආදි වූ ලෙස
වදන් පටබැඳ
විසුලු කරනා
බැහැර කරනා
මිනිසුනේ ඔබ
මතකයට ගනු
සෑම අයෙකුම
සිරුරෙන්ම නොව
මනසින් වුවත්
ගිලන් වීමට
ඉඩක් ඇති වග
ගයාන් තිලකරත්ත.
12-12-2008
සිත December 11, 2008
Posted by gayankt in Uncategorized.Tags: මිනිස් සිත
3 comments
අසංවරය
තැන තැන සරයි
අකීකරුය
බැඳුනු තැන නවතියි
චංචලය
අරමුණක නොරදයි
චපලය
සැනින් වෙනස් වෙයි
ගයාන් තිලකරත්න
11-12-2008