jump to navigation

රටේ දියුණුව … නමැති චිංතනෙ … March 4, 2009

Posted by gayankt in කවිය, කාලීන.
Tags: , ,
2 comments

රෑප පෙට්ටිය
තුළින් පෙන්වන
මහා ඉහළින්
ගොතා පවසන
රටේ දියුණුව
නමැති චිංතනෙ
ඡන්ද කාලය
තුලම නෙනැවති
සදා වේ නමි
කොතෙක් අගනෙද?

ගයාන් තිලකරත්න.
04-03-2009

ඉතින් අවසර නැවත එන්නට March 2, 2009

Posted by gayankt in කවිය.
1 comment so far

මිනිස් දිවියේ
විටෙක හමුවන
ගිරි දුර්ග පිරි
කටුක මගකින්
පිය නැගුවෙමි
ඉකුත් කාලය
එළ‍බ ඇත්තෙමි
ගමනෙ ඉමක‍ට
ඉතින් අවසර
නැවත එන්නට

ගයාන් තිලකරත්න
03-02-2009

මිනිසුනේ අත්හරිව් … මිනිසුනේ දැක ගනිව් … January 8, 2009

Posted by gayankt in කවිය.
Tags: , ,
3 comments

මිනිසුනේ අත්හරිව්
නුඹලාව බැඳ තබන
ආගමිකවාදයන්
මිනිසුනේ බිඳ දමව්
නුඹලා වටා ඉදිවූ
ජාතිවාදයන්
මනිසුනේ දුරු කරව්
නුඹලාව වෙන්කෙරූ
කුළමල වාදයන්
මිනිසුනේ දැකගනිව්
නුඹලා‍ගේ බෙදුමෙන්
මියෙන මිනිසුන්

ගයාන් තිලකරත්න.
01-08-2009

සැමට සිරිසුභ නව වසරක් වේවා December 31, 2008

Posted by gayankt in කවිය.
Tags:
4 comments

හෙට හිරු උදාවෙන්
ඇර‍‍‍‍ඹෙනා නව වසර
කුරිරු වු යුධයෙන්
දැවෙන ගිණිදැල් දහර
සාමයේ අමදියෙන්
නිවී සැනහුනා වූ
ලෝකයේ දිවි ගෙවන
සැම දන හට
එකසෙ පොදු වූ
අටලෝ දහම අභිමුව
අකම්පිත වූ නොසැලෙනා වූ
සිරි සුභ එකක් වේයැයි
හදවතින් පතමි මම

ගයාන් තිලකරත්ත.
31-12-2008

ඔබේ කතිරය ගසා මහත් පිං ලැබ ගන්න December 29, 2008

Posted by gayankt in කවිය.
Tags: , ,
3 comments

පින් කරන මහතුනේ
තව පුරා සයවසක්
දෙව් ලොවේ සැප පතන
මගේ සුන්දරී සමඟ
ර‍‍ට සවාරිත් සිතන
දූවා දරුවන් සැමට
රටක ඉගෙනුම දකින
මගේ නෑ දනන් හට
උදව් කරනට සිතන
ඩොලර් මලු පිරීගිය
බැංකු ගිණුමක් පතන
මේ දුප්පතා හට
ඔබේ කතිරය ගසා
මහත් පිං ලැබ ගන්න

ගයාන් තිලකරත්ත.
12-29-2008

නම්බුනාමධාරීන් December 25, 2008

Posted by gayankt in කවිය.
Tags: ,
1 comment so far

වැටකේ ගාලක
ආචාරියෙකි
පිල් කඩක
දේශමාන්‍යයෙකි
දං ගෙයක
චක්‍රවර්තියෙකි
පාලං බෝක්කුවක
ජාති පුත්‍රයෙකි
නේක වූ මෙම
නම් යොදාගෙන
මුනුන් හැමදෙන
රටම වනසති

ගයාන් තිලකරත්ත
12-25-2008

ශ්‍රී සුභ නත්තලක් වේවා December 25, 2008

Posted by gayankt in කවිය.
Tags: ,
1 comment so far

පිල් බෙදීගෙන
යුධ වැදෙන්නවු
උතුම් මනුදම්
බැහැර කරලූ
ලේ පිපාසෙන්
ගතම දැඩිවූ
මිනිසුන්ගෙ සිත්
මෙළොක් කරනට
සාමයේ මල්
පතුර වන්නට
කාලයයි මේ
උතුම් නත්තල

ඔබ සැමට සාමය සතුට පිරි ශ්‍රී සුභ නත්තලක් වේවා

ගයාන් තිලකරත්ත
12-25-2008

දේශපාලනය හා සාමය December 16, 2008

Posted by gayankt in කවිය.
Tags: , ,
3 comments

තම ගතේ ගලන ලෙය
තම පක්ෂෙ පැහැ ගනී
යන මතය අදහනා
හිස මතින් පිළිගන්න
අන්ධ දන වෙසෙන ලක
සුභ සාම සිහිනයක්
කෙදින නම් දකින්නද?

ගයාන් තිලකරන්න.‍‍
16-12-2008

ගිණි පුපුරු December 15, 2008

Posted by gayankt in කවිය.
Tags:
add a comment

අලු ය‍ටින්
සැඟවෙමින්
මඳ නළින්
පණ ල‍බා
මහ විසල්
ගින්නට
ගිණි පුපුරු
සැරසෙ‍තේ

ගයාන් තිලකරත්න
15-12-2008

බහුජාතික සමාගම් වලට ණය ගෙවීම December 14, 2008

Posted by gayankt in කවිය.
Tags: ,
5 comments

දුම් වැටිය තොල දරා
ජේත්තුවට උරන ඔබ
මේ භවයෙ ගෙවන්නේ
බහු ජාතික සමාගමකට
පෙර භවේ කල පවක් දෝ

ගයාන් තිලකරත්ත.
14-12-2008

Follow

Get every new post delivered to your Inbox.