jump to navigation

සැමට සිරිසුභ නව වසරක් වේවා December 31, 2008

Posted by gayankt in කවිය.
Tags:
4 comments

හෙට හිරු උදාවෙන්
ඇර‍‍‍‍ඹෙනා නව වසර
කුරිරු වු යුධයෙන්
දැවෙන ගිණිදැල් දහර
සාමයේ අමදියෙන්
නිවී සැනහුනා වූ
ලෝකයේ දිවි ගෙවන
සැම දන හට
එකසෙ පොදු වූ
අටලෝ දහම අභිමුව
අකම්පිත වූ නොසැලෙනා වූ
සිරි සුභ එකක් වේයැයි
හදවතින් පතමි මම

ගයාන් තිලකරත්ත.
31-12-2008

ඔබේ කතිරය ගසා මහත් පිං ලැබ ගන්න December 29, 2008

Posted by gayankt in කවිය.
Tags: , ,
3 comments

පින් කරන මහතුනේ
තව පුරා සයවසක්
දෙව් ලොවේ සැප පතන
මගේ සුන්දරී සමඟ
ර‍‍ට සවාරිත් සිතන
දූවා දරුවන් සැමට
රටක ඉගෙනුම දකින
මගේ නෑ දනන් හට
උදව් කරනට සිතන
ඩොලර් මලු පිරීගිය
බැංකු ගිණුමක් පතන
මේ දුප්පතා හට
ඔබේ කතිරය ගසා
මහත් පිං ලැබ ගන්න

ගයාන් තිලකරත්ත.
12-29-2008

තව ලියන්න දේවල් තියෙනවද? December 27, 2008

Posted by gayankt in විවිධ.
add a comment

කාලනම් ඉවරයි. මැරතන් එක ඉවරවෙන්නත් තව ‍ටික කාලයයි. ලොකුම ප්‍රශ්නෙ ලියන්න දෙයක් නැති කම.

ගයාන් තිලකරත්න.
27-12-2008

ලෝක ආර්ථික අවපාතය හමුවේ අප යන්නේ හරි අ‍තද? December 27, 2008

Posted by gayankt in Uncategorized.
Tags: ,
1 comment so far

එකම දංවැලක පුරුක් මෙන් බැදී ඇති ලෝක ආර්ථික‍ය මේ වන වි‍ට ඇදී යන්නේ ප්‍රපාතයටය. දිනෙන් දින ප්‍රපාතය‍ට යනවාක් මිස මේවන තෙක්ම ගොඩ යෑමේ සේයාවකුදු නොමැතිය. රටක් වශයෙන් අපටද මෙම තත්වයෙන් මිදීමේ හැකියාවක් නොමැතිය. විශේෂයෙන්ම යුද්ධයට අතිවිශාල මුදලක් වෙන් කරන අතරේදී අතිවිශාල සංර්ධන කිහිපයකටද එක වර මුදල් ආයෝජනය කිරීම එතරම් කාලෝචිත තත්වයක් නොවේ. නමුත් මනාප පොරයේදී ඉහළට එසවෙන අත් ගණන පිළිබඳව පමණක් සිතන අපේ ර‍ට කරවන උදවිය ලෝක ආර්ථික අවපාතය හමුවේ ස්ථාවර ආර්ථිකයක් පිළිබඳව සිතනවාද යන්නත් හාස්‍යට කරුණකි.

ගයාන් තිලකරත්න.
27-12-2008

Awake December 27, 2008

Posted by gayankt in විවිධ.
Tags: , ,
add a comment

කාලකෙට පස්සෙ බැලුව හොඳ වර්ගයේ චිත්‍රපටයක්. දරුවෙක් වෙනුවෙන් මවකට කළ හැකි උපරීම කැපවීම වන තමා ජීවය දුන් දරුවාට තම ජීවය ලබා දෙන මවක්. මුදල් හමුවේ තම සියලු සම්බන්ධතා පවා දෙන පිරිසක්. ඉඩක් ලැබුනොත් රසවිදින්න.

ගයාන් තිලකරත්න.
27-12-2008

බඩගිනි වගේ December 27, 2008

Posted by gayankt in විවිධ.
add a comment

මටනම් තාම වෙලාව 7 විතර. කට්ටියම කන නිසා ම‍ටත් බඩගිනි බ‍ඩගිනි වගේ. කන්නත් වැඩි ප්‍රියතාවයකුත් නෑ. ලුණුත් නැති මිරිසුත් නැති කෑම කාල දැන් ඇතිවෙලා. සුදු හාලෙ බතකුයි පරිප්පුවකුයි හාල් මැස්සො තෙම්පරාදුවකුයි තියෙනව නම් මල් හත‍යි.

ගයාන් තිලකරත්න.
27-12-2008

තත්යානා අනියේගීන්ට යැවු පෙම්පත December 27, 2008

Posted by gayankt in Uncategorized.
Tags:
add a comment

දෙවියන් විසින් මට දුන් පෙම්වතා …………….. තනී
සමා වුව මාහට දයා ………………………….. වෙනී
ඇයි මේ තරම් මගෙ හදවත නුරා ……………… ගිනී
නොපැතුව නිසයි අන් කිසිවකු සුවා …………… මිනී

පෙම් කළ නමුත් ඔබහට මුලු හිත …………… ඇතිව
මා ගැහැණියකි, අද වෙනකකු හට ………….. සතුව
මා දන්නවා බ’ට පාලුයි මා ………………….. නැතුව
පතිවත රකිමි හිමිහට පේමෙන් ………………. යුතුව

පස් අවුරුද්ද නවකතාව – ඔරුවල බන්දු
147, 148 පිටු

ගයාන් තිලකරත්න.
27-12-2008

ශ්‍රීලාංකේය අභිමානයේ නවතම මුහුණුවර December 27, 2008

Posted by gayankt in කාලීන.
add a comment

අසභ්‍ය වෙබ් අඩවි වාරණය කිරීම‍ට රට කරවන උදවි‍ය ගෙන ඇති තීරණය ඇත්තෙන්ම ප්‍රශංසනීයය. නමුත් ප්‍රශ්නය වෙන්නේ ප්‍රසිද්ධියේ FM නාළිකාවන්ගේ ගිරා පෝතක පෝතිකාවියන් ගණිකා වෘත්තියේ යෙදීම‍ රට කරවන උදවි‍යට නොපෙනීමයි . සමහර FM නාළිකාවට විකාශනය වන වැටසටහන් කෙතරම් පහත් ගණයේද යන් ඒවා ඇසීමෙක් ඇති වන්නේ ජුගුත්සාත්මක බවක් හා පිළිකුලකි. පෞද්ගලිකව වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කිරීම‍ට අවැසි දේ මුන් කතා කරන්නේ මුලු රටටම ඇසෙන පරිදි‍ය. එයත් මාධ්‍ය සදාචාරය තුට්ටුවකට මායිම් නොකරයි. මේවායේ පෙනී සිටින (කොන්)දොස්තරවරුන් ආචාර ධර්මයන් අසා ඇත්තදැයි සැකයකි. රට කරවන උදවි‍යට මේවා නොපෙනෙන්නේ ශ්‍රීලාංකේය අභිමානය වෙනුවෙන් පෙනී සි‍ටින සිංහාධිපතිනියන්ගේ ගර්ජනා නිසා විය යුතුය.

ගයාන් තිලකරත්න.
27-12-2008

මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගැලවීම December 27, 2008

Posted by gayankt in කාලීන.
Tags: , ,
2 comments

‍බොරදියේ මාලු බාන්නා වූ ජාතික හෙළ උරුම‍ය ඇතුලු ජාතීවාදී හා ආගම්වාදී සංධානයේ තවත් හාස්‍යජනක වෑයමක් නම් මුස්ලිම් බාලිකාවන්ගේ පාසල් නිළ ඇදුමේ අංගයක්ව පැවති පර්දාව ඉවත්කීරීම‍ට තැත් කිරීමයි. මෙයින් මේ ඊනියා පිරිස දත කන්නේ සිං‍හළ බෞද්ධයන් පමණක් සි‍ටින ලංකාවක් දැකීමද නැතහොන් සිං‍හළ බෞද්ධ බාලිකාවන්ට ළමා සාරි අන්දවා පාසල් යැවීම‍ට නොහැකිවීමේ පළියද යන්න ප්‍රශ්නයකි.

ගයාන් තිලකරත්න.
27-12-2008

මගෙ රට වෙත මම එන්නෙමි තනියෙන් December 27, 2008

Posted by gayankt in විවිධ.
Tags: ,
2 comments

පිට ර‍ට එක් තරුණියකට ……………….. වැඩියෙන්
මව්බිම කෝටියකට පෙම් ………………… කරමින්
රතු රටකින් රන් මිණි පොදි ………………. බඳිමින්
මගෙ රට වෙත මම එන්නෙමි ………… තනියෙන්

වානේ නවකතාව – ඔරුවල බන්දු
11 පිටුව

ගයාන් තිලකරත්න.
27-12-2008

Follow

Get every new post delivered to your Inbox.