රටේ දියුණුව … නමැති චිංතනෙ … March 4, 2009
Posted by gayankt in කවිය, කාලීන.Tags: දේශපාලනය, මැතිවරණය, සංවර්ධනය
2 comments
රෑප පෙට්ටිය
තුළින් පෙන්වන
මහා ඉහළින්
ගොතා පවසන
රටේ දියුණුව
නමැති චිංතනෙ
ඡන්ද කාලය
තුලම නෙනැවති
සදා වේ නමි
කොතෙක් අගනෙද?
ගයාන් තිලකරත්න.
04-03-2009
“ගෑස්” බැස්සවීම March 3, 2009
Posted by gayankt in කාලීන.1 comment so far
රට කරවන උතුමන්
“ගෑස්” බැස්සවුයේ
කොළොම්පුර ඡන්දෙටද?
දුගී ජන යහපතද?
ගයාන් තිලකරත්න.
03-02-2009
ඉතින් අවසර නැවත එන්නට March 2, 2009
Posted by gayankt in කවිය.1 comment so far
මිනිස් දිවියේ
විටෙක හමුවන
ගිරි දුර්ග පිරි
කටුක මගකින්
පිය නැගුවෙමි
ඉකුත් කාලය
එළබ ඇත්තෙමි
ගමනෙ ඉමකට
ඉතින් අවසර
නැවත එන්නට
ගයාන් තිලකරත්න
03-02-2009
මිනිසුනේ අත්හරිව් … මිනිසුනේ දැක ගනිව් … January 8, 2009
Posted by gayankt in කවිය.Tags: ආගම්වාදය, ජාතිවාදය, යුද්ධය
3 comments
මිනිසුනේ අත්හරිව්
නුඹලාව බැඳ තබන
ආගමිකවාදයන්
මිනිසුනේ බිඳ දමව්
නුඹලා වටා ඉදිවූ
ජාතිවාදයන්
මනිසුනේ දුරු කරව්
නුඹලාව වෙන්කෙරූ
කුළමල වාදයන්
මිනිසුනේ දැකගනිව්
නුඹලාගේ බෙදුමෙන්
මියෙන මිනිසුන්
ගයාන් තිලකරත්න.
01-08-2009
සැමට සිරිසුභ නව වසරක් වේවා December 31, 2008
Posted by gayankt in කවිය.Tags: නව වසර
4 comments
හෙට හිරු උදාවෙන්
ඇරඹෙනා නව වසර
කුරිරු වු යුධයෙන්
දැවෙන ගිණිදැල් දහර
සාමයේ අමදියෙන්
නිවී සැනහුනා වූ
ලෝකයේ දිවි ගෙවන
සැම දන හට
එකසෙ පොදු වූ
අටලෝ දහම අභිමුව
අකම්පිත වූ නොසැලෙනා වූ
සිරි සුභ එකක් වේයැයි
හදවතින් පතමි මම
ගයාන් තිලකරත්ත.
31-12-2008
ඔබේ කතිරය ගසා මහත් පිං ලැබ ගන්න December 29, 2008
Posted by gayankt in කවිය.Tags: ඡන්දය, දේශපාලකයෝ, දේශපාලනය
3 comments
පින් කරන මහතුනේ
තව පුරා සයවසක්
දෙව් ලොවේ සැප පතන
මගේ සුන්දරී සමඟ
රට සවාරිත් සිතන
දූවා දරුවන් සැමට
රටක ඉගෙනුම දකින
මගේ නෑ දනන් හට
උදව් කරනට සිතන
ඩොලර් මලු පිරීගිය
බැංකු ගිණුමක් පතන
මේ දුප්පතා හට
ඔබේ කතිරය ගසා
මහත් පිං ලැබ ගන්න
ගයාන් තිලකරත්ත.
12-29-2008
තව ලියන්න දේවල් තියෙනවද? December 27, 2008
Posted by gayankt in විවිධ.add a comment
කාලනම් ඉවරයි. මැරතන් එක ඉවරවෙන්නත් තව ටික කාලයයි. ලොකුම ප්‍රශ්නෙ ලියන්න දෙයක් නැති කම.
ගයාන් තිලකරත්න.
27-12-2008
ලෝක ආර්ථික අවපාතය හමුවේ අප යන්නේ හරි අතද? December 27, 2008
Posted by gayankt in Uncategorized.Tags: දේශපාලනය, ලෝක ආර්ථික අවපාතය
1 comment so far
එකම දංවැලක පුරුක් මෙන් බැදී ඇති ලෝක ආර්ථිකය මේ වන විට ඇදී යන්නේ ප්‍රපාතයටය. දිනෙන් දින ප්‍රපාතයට යනවාක් මිස මේවන තෙක්ම ගොඩ යෑමේ සේයාවකුදු නොමැතිය. රටක් වශයෙන් අපටද මෙම තත්වයෙන් මිදීමේ හැකියාවක් නොමැතිය. විශේෂයෙන්ම යුද්ධයට අතිවිශාල මුදලක් වෙන් කරන අතරේදී අතිවිශාල සංර්ධන කිහිපයකටද එක වර මුදල් ආයෝජනය කිරීම එතරම් කාලෝචිත තත්වයක් නොවේ. නමුත් මනාප පොරයේදී ඉහළට එසවෙන අත් ගණන පිළිබඳව පමණක් සිතන අපේ රට කරවන උදවිය ලෝක ආර්ථික අවපාතය හමුවේ ස්ථාවර ආර්ථිකයක් පිළිබඳව සිතනවාද යන්නත් හාස්‍යට කරුණකි.
ගයාන් තිලකරත්න.
27-12-2008
Awake December 27, 2008
Posted by gayankt in විවිධ.Tags: අම්මා, මුදල්, සිනමාව
add a comment
කාලකෙට පස්සෙ බැලුව හොඳ වර්ගයේ චිත්‍රපටයක්. දරුවෙක් වෙනුවෙන් මවකට කළ හැකි උපරීම කැපවීම වන තමා ජීවය දුන් දරුවාට තම ජීවය ලබා දෙන මවක්. මුදල් හමුවේ තම සියලු සම්බන්ධතා පවා දෙන පිරිසක්. ඉඩක් ලැබුනොත් රසවිදින්න.
ගයාන් තිලකරත්න.
27-12-2008
බඩගිනි වගේ December 27, 2008
Posted by gayankt in විවිධ.add a comment
මටනම් තාම වෙලාව 7 විතර. කට්ටියම කන නිසා මටත් බඩගිනි බඩගිනි වගේ. කන්නත් වැඩි ප්‍රියතාවයකුත් නෑ. ලුණුත් නැති මිරිසුත් නැති කෑම කාල දැන් ඇතිවෙලා. සුදු හාලෙ බතකුයි පරිප්පුවකුයි හාල් මැස්සො තෙම්පරාදුවකුයි තියෙනව නම් මල් හතයි.
ගයාන් තිලකරත්න.
27-12-2008